drama

Friday, July 22, 2011

ගී‍්‍රස් යකා සංවිධානාත්මක කල්ලියක

හසලක පොලිස් බල ප‍්‍රදේශය ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව බිය ගන්වන ලද ගී‍්‍රස් යකා නමින් හඳුන්වන පුද්ගලයා සංවිධානාත්මක කල්ලියක වැඩැක් දැයි සැකයක් පහලවී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් හසලක පොලිසියෙන් ශී‍්‍ර ලංකා මිරර් කළ විමසුමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ එවැනි සැකයක් පහලවී ඇති බවත්, කෙසේවුවද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා ගම්වාසින් මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

පසුගිය කාලයේදි මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හත්දෙනෙකු පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, ඔවුන් බොහෝ විට රාතී‍්‍ර කාලයේදී ප‍්‍රදේශයේ සැරිසාරා ඇත්තේ අනියම් පේ‍්‍රම සම්බන්ධ වැනි කාරණා නිසා බව හෙළිවී ඇතැයි ද එම නිලධාරියා කීය.

කෙසේවුවද මෙම ගී‍්‍රස් යකාගෙන් සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් මෙතෙක් හසලක පොලිසියට පැමිණිලි ලැබී නැතැයි ද ඔහු පැවසීය.

අදාළ තැනැත්තා මුළු ඇග පුරාම ගී‍්‍රස් තවරාගෙන සිටින බව පැවසේ.

මෙම පුද්ගලයා සැරි සරන්නේ පස්වරු 6.00 සිට රාතී‍්‍ර 12.00 දක්වා කාලයේදි බව එහි ගම් වැසියෝ පවසති.

පස්වරු 6.00 ට පමණ වෙඩි ශබ්දයක් ඇසෙන බවත්, ඉන් පසුව සිට මෙම ගී‍්‍රස් යකා නැමැත්තා සැරිසැරීම ආරම්භ කරන බවත්, පසුව රාතී‍්‍ර 12.00 නැවත අදාළ වෙඩි ශබ්දය ඇසෙන බවත් ඉන් පසු කාලයේදී මෙම තැනැත්තා දුටු අයෙකු නොමැති බවත් ප‍්‍රදේශවාසිහු කියති.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes